මගෙන් ගොඩක් අය අහනව ආකර්ෂණ නීතිය මොකක්ද කොහෙන්ද පටන් ගන්නෙ කියල.එක එක්කෙනාගේ එක එක විදි ඇති. නමුත් මං ඔයාලට කියන්නම් මං කොහෙන්ද පටන් ගත්තෙ කියල.. එනම් ස්තුති වන්ත වීමයි.
කිසිම දෙයක් විශුවලයිස් කරන්න මැනිෆෙස්ට් කරන්න යන්නෙපා.තමන්ට නැති දෙයක් ඉල්ල ඉල්ලා ඔබේ යටි සිතට වද දෙන්න එපා. ඕනවට වඩා වද දෙනවට අපි උනත් කැමති නෑනේ.
එදා මෙදා තුර ඔබේ ජීවිතයේ ලැබී ඇති සහ දැනට ඔබෙ ජීවිතයේ ඇති සියලුම දේවල් වලට මතක් කර කර ස්තුතියි කරන්න.මෙය මුදල්, පුද්ගලයන්, සිද්දීන්, අවස්ථාවන්, දේවල්, තමන්ගේ හුස්ම ඇගේ අවයව යනාදි ඕනෑම දෙයක් විය හැක. The Secret පොතේ තියෙනව ඔබ උදෑසන අවදි වී පොලොවට පය තියපු මොහොතේ සිට ඔබ අල්ලන හැම දේකටම ස්තුතියි කියන්න කියල හදවතින්ම.දත් බුරුසුවට පවා. මෙය ඇතැමෙකු හුදු විහිලුවක් සේ දකින්න පුලුවන්.
. නමුත් අතීතයේ මුතුන් මිත්තන් ගස් ගල් අව්ව වැස්සට පවා වැදුම් පිදුම් කරමින් කෘතඥතාවය පල කරමින් විශ්ව ශක්තියෙන් වැඩ ගත් බව දැනටමත් ඔබ අසා ඇත. තාක්ෂණික දියුණුවත් සමගම ඒවා මිත්‍යා දෘශ්ටික අදහස් ලෙස පවසා හාස්‍යයට ලක් කරත් එවැනි දේවල විද්‍යාත්මකව මෙන්ම ආධ්‍යාත්මිකව ද කොතරම් සත්‍යතාවක් ඇද්දැයි දැන් ඔබට වැටෙහෙනවා ඇති.
ඉතිං වැඩිය ලියන්න ගියොත් ලිපිය දික් වෙන නිසා මං කෙටියෙන් ලියන්නම්
විශ්ව ආකර්ෂණ නීතිය මගින් ඔබේ යටිසිත බල ගැන්වීමේ පළමු පියවර නම් ස්තුති වන්ත වීමයි. ඉහත මා සදහන් කල කාරණා මතක් කරමින් උපරිම දවස් 28ක් මේ දේ පුහුණු කරන්න. දැනෙන වෙනස අත්විදින්න. මෙහිදී දවස් 28 ගැන නොසිතන්න. මොකද ඔබ මේ ක්‍රියාකාරකම කලත් නැතත් කාලය ගත වේ. අනවශ්‍යය ඍනාත්මක දේවල් මතක් කර කර මෙච්චර කලක් ජීවිතේ විදෙව්වා ඇතිනේ. ඔබ මෙතෙක් කල් හිරවී ඇති ඍනාත්මක රාමුව කැඩීමේ පලමු පියවර මෙයයි. බලමුකො.
මං විශ්වාස කරනව මේ සමූහයේ එක්කෙනෙක් හරි මේ දේ කරනවා කියල.
කරල වෙනස අත් විදල ඔබේ අත්දැකීම සමූහයටත් ලියන්න..
ස්තුතියි.
https://www.facebook.com/groups/615943085872639/permalink/812853229514956/

Leave a reply