මටත් විශ්ව ආකර්ශනය නීතිය ගැන යමක් කියන්න තියෙනව ඔයාලට.මේ මගේ එක් කතාවක් විතරයි..මං මගේ ජීවිතේ ගොඩක් දේවල් ලැබුවෙ මේ විශ්ව ආකර්ශන නීතිය තුලින්මයි.හැබැයි මං ඒක විශ්ව ආකර්ශන නීතිය කියල ඒ දවස්වල දැනන් හිටියෙ නෑ..මට අවුරුදු 20දි වගේ ඕන උනා මේ ලෝකෙ හොඳම ආදරේ මගේ කරගන්න.අද කාලෙ අවංක කොල්ලෙක්ව හොයන එක ලේසි දෙයක් නෙමෙයි.මං ගොඩක් පාරක් වංචනික ආදරවලට අහු උනු කෙනෙක්.ගොඩක් අය එක අෆෙයාර් එකක් තියන් තව කෙල්ලො පස්සෙ ගියා..මං ගොඩක් වෙලාවට යාලු වෙලා මාසෙන් 2කෙන් ඒ අයව අත අරිනව.මං හොයන කෙනා නෙමෙයි කියල දැනුනාම..ඒ වෙලාවට මං කල්පනා කරා මං හොයන කොල්ල තාම ඉපදිලා නැද්ද කියලත්..ඒත් මං තදින්ම විස්වාස කරා.. මගේ හිතට මං තදින්ම කිඋව #මට#ලෝකෙ#පෙරලල#හරි#මං#හොයන#ආදරේ#ඕනමයි කියල.දැඩිවම කිඋව.මට ඕන උනේ අසීමිතව මට ආදරේ කරන කෙනෙක්.අන්තිමට මං තීරණය කලා මට ඕන කෙනා ලැබෙනකන් කා එක්කවත්ම යාලු වෙන්නෙ නෑ කියල..”මට ලෝකෙ කනපිට ගහල හරි මං හොයන ආදරේ හොයල දෙන්න ” කියල මං නිතරම කිඋව.දැඩිවම..ඇත්තටම මට එයාව හම්බ උනේ මගේ මුලු ලෝකෙම කනපිට ගහපු වෙලාවක.අපිට ඒ දවස්වල ඉඩම් ආරවුලක් නිසා ගෙවල් දොරවල් දාල යන්න උනා.මං හොඳටම මානසිකව ඇඳ වැටුන.මට යාලුවො දාලා ආපු එක,උපන්දා හිටපු තැන අත ඇරල ආපු එක දරා ගන්න බැරි උනා..මට එයාව මුණ ගැහුනෙ ඊට සති 2කට පස්සෙ..අපි අලුතෙන් පදිංචි උනේ ලස්සන ගමක.ඒ සුන්දර ගමේ හිටපු හදවත සුන්දරම කොල්ල මගේ උනා..මං ගොඩක් කෙටි කරල කියන්නෙ ලොකු කතාවක් නිසා.එයා ලැබුන විදිය හරිම පුදුමයි.දැකපු පලවෙනි තප්පරේම හිතුනෙ අනේ මෙයා මගේ මහත්තය වෙනවනම් කියල.මහත්තය කියන වචනෙ ඉබේම මගේ හිතට ආව.එතකොට මට අවුරුදු 21යි.ඊට පස්සෙ මං ආයෙම එයාව දැක්කෙත් නෑ මතකත් නැතුව ගියා..මං එදා මගේ හිතේ එයා ඉන්නව කියන එක ඉඟියකින්වත් එයාට පෙන්නුවේ වත් එයා එක්ක කතා කලේවත් නෑ.ඒක නිකන්ම නිකන් සිතුවිල්ලක් විතරයි.හැබැයි සිතුවිල්ල ප්‍රබලව මට දැනුන.මං එතන හිටිය මගේ යාලුවන්ට විතරක් කිඋව.ඒකත් නිකමට කියන විදියට කිඋවෙ.ඒත් මාස 4කට වගේ පස්සෙ එයාම මගෙ නම්බර් එක හොයන් මැසේජ් කරා.මං අදුන ගත්තෙ නෑ මේ ඒ කෙනා කියල.මං ගනන් ගත්තෙවත් නෑ..ඒත් ඒ මැසේජ්වල කෝල්ස් වල ආදරේ ගැබ් වෙලා තිබ්බ හරිම අසිරිමත් විදියට.මං බනිද්දි පවා එයා කතා කලේ හරිම ආදරෙන්.පුදුම හිතෙන අසිරිමත් හිතක්.මං හෙව්ව මේ කතා කරන්නෙ කවුද කියල.තවත් මාස 2ක් ගියාට පස්සෙ දවසක් යාලුවෙක් හති දාගෙන දුවන් ඇවිත් කිඋව අර මැසේජ් කරන්නෙ උබ එදා හිත ගියා කිඋව කොල්ල කියල..😊මට හිතුන දෙය්යනේ දෙන දෙය්යො ගෙටත් ගෙනල්ල දොරත් වහල ගිහින්නෙ කියල..ඇත්තටම මං කොල්ලෙක්ගෙන් හෙව්ව ගති ගුණ, ආදරේටත් වඩා මට ආදරේ ලැබුණ.හරිම අසිරිමත් ආදරයක්.මට පොඩිමවත් වරදක් කරේ නෑ.හරිම ආදරෙන් මාව බලාගත්තා.දෙන්නට දෙන්න පුදුම විස්වාසයක් තිබ්බෙ.දෙන්නගෙන් කවුරුවත් වරදක් කලේ නෑ.පිට අය ඇවිත් බොරු කේලම් කියද්දි පවා එයා මාවත් මං එයාවත් දැඩිව විස්වාස කරා.ඒ වගේම අපි විස්වාසය රැක්ක.කොටින්ම මගේ තාත්තටත් වඩා මට ආරක්ෂාව දුන්න.එයා පින් වැඩ කරල මාවම පැතුව.අපිට අපි නැතුව හුස්ම ගන්නවත් බැරි තරමට ආදරේ අවුරුදු 8ක් ගලා ගෙන ගියා..❤️විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏අදටත් විශ්වය මට දුන් අසිරිමත් මිනිසා ඔහුයි…

https://www.facebook.com/groups/615943085872639/permalink/780903856043227/